Qantas සේවකයන් 2500 ක් තාවකාලිකව රැකියාවලින් ඉවතට

ඉදිරි පෙළ සේවකයන් 2500 ක් පමණ තාවකාලිකව රැකියාවලින් ඉවත් කිරීමට ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් සැළසුම් කර තිබෙනවා.

අවම වශයෙන් මාස දෙකක කාලයක් සඳහා එය බල පැවැත්වෙනු ඇති.

පවතින කොවිඩ් වාතාවරණය හමුවේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් කැපී පෙනෙන ලෙස අඩුවීමත් සමාගමේ පාඩුව සීඝ්‍රයෙන් ඉහළයාමත් මීට ඉවහල්වී තිබෙනවා.

ක්වන්ටාස් ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් සඳහන් කලේ ගත හැකි අවසාන තීන්දුව ලෙස අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.

මෙම සේවකයන්ගෙන් බහුතරයක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සේවය කල අය වනවා.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »