
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය ට අවශ්‍යව තිබූ ලකුණු 227 කඩුලු 7ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 65ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා, පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළ ලකුණු ගණන 225කි.
ඒ අනුව තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
