ටෝකියෝ ඔලිම්පික් සමුරායි ඇඳුම්වලින් ඉහළම කැමැත්ත “සිංහ කොඩිය” ට

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරග වදින රටවල්වල ජාතික ධජ යොදා නිර්මාණය කල සමුරායිවරුන්ගේ ඇඳුම් අතුරින් ඉහළම ජනප්‍රියත්වය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික ධජය සමත්වී තිබෙනවා.
ජපානයට ආවේණික කලාවක් වන සමුරායි ශිල්පය ඔලිම්පික් උළෙලට සම්බන්ධ කිරීම සඳහායි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ.
තරගාවලියට එක්වන රටවල් 200 අතුරින් 84 ක පමණක් ජාතික ධජ යොදා මේ වනවිට සමුරායි ඇඳුම් නිර්මාණය කර ඇති අතර එහිදීයි ශ්‍රී ලංකා ජාතික කොඩියට ඉහළම ජනප්‍රියත්වය ලැබී ඇත්තේ.
ශ්‍රී ලංකා ජාතික කොඩිය ආශ්‍රිතව නිර්මාණය කල සමුරායි ඇඳුමට මෙරට ජාතීන් නිරූපණය වන වර්ණ මෙන්ම සිංහයාද අන්තර්ගතයි.
අන්තර්ජාලය ඔස්සේ ප්‍රතිචාර පළ කල දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් ඊට ප්‍රසාදය පළ කර ඇති බවයි ඔලිම්පික් සමුරායි ඇඳුම් නිර්මාණ ව්‍යාපෘතියේ ප්‍රධානී කමායා යමමොටෝ ප්‍රකාශ කර ඇත්තේ.
සමුරායි සටන් ශිල්පීන් 12 වන සියවසේ සිට ජපාන ඉතිහාසයේ අන්තර්ගතවන අතර එය ජපානය නිරූපණය කරන ප්‍රධාන ලක්ෂණයක්.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »