2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අද සිට

කොවිඩ් වසංගතය හමුවේ වසරකින් පමණ කල් දමන ලද 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අද නිල වශයෙන් ආරම්භ වනවා.

රටවල් 200 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියට එක්වනු ඇති.

ටෝකියෝ නගරයට හදිසි තත්වයක් පණවා තිබීම හේතුවෙන් නරඹන්නන්ගේ සහභාගීත්වයෙන් තොරව මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීම විශේෂත්වයක්.

අගෝස්තු 08 වනදා දක්වා ක්‍රීඩා ඉසව් ගණනාවක් සංවිධාන කර තිබෙනවා.

ජපානයේ නව ජාතික ක්‍රීඩාංගණයේදී සමාරම්භක උත්සවය ආරම්භ වනවා.

ප්‍රමාණයෙන් කුඩා සමාරම්භක ආචාර පෙළපාලියක් පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ජූඩෝ ශූර චාමර නුවන් ධර්මවර්ධන සහ ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ඇති.

මෙවර තරගාවලියේදී රන් පදක්කම් 339 ක් ප්‍රදානය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 04 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 05 දෙනෙකු මෙවර තරගාවලියට සහභාගී වනවා.

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න / ජූඩෝ ශූර චාමර නුවන් ධර්මවර්ධන / කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් / පිහිනුම් ශූර මැතිව් අබේසිංහ සහ අශ්වාරෝහක ක්‍රීඩිකා මැටිල්ඩා කාර්ල්සන් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල / මැදි දුර ධාවන ශුරී නිමාලි ලියනාරච්චි / ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි සහ පිහිනුම් ක්‍රීඩිකා අනිගා ගෆූර් ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙකුත් ක්‍රීඩිකාවන් පිරිසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙට දිනයේදී පළමුවෙන් ටෝකියෝ ඔලිම්පික් තරග බිමට පිවිසෙන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නයි.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »