
ගිණි අවියක් සහ තියුණු ආයුධයක් සහිතව පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙල්බර්න් Cranbourne හි නිවසක් කොල්ල කා පළාගොස් ඇතැයි වික්ටෝරියා පොලිසිය කියයි.
අද අලුයම 02 යි 15 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබේ.
සැකකරුවන් නිවසේ සිටි දෙදෙනෙකුට පහරදී දේපළ කොල්ල කා ඇති බවටද සැක කෙරේ.

මෙහිදී තුවාල ලැබූ 20 හැවිරිදි තරුණයෙකු හා 40 හැවිරිදි කාන්තාවක රෝහල්ගත කර තිබේ.
ඔවුන්ගේ තත්වය බරපතල නොමැත.

Pic – 9 News