ලොව ධනවත්ම මිනිසා ඇමසන් නිර්මාතෘ ජෙෆ් බේසස් අභ්‍යවකාශය තරණය කරයි

ලොව ධනවත්ම මිනිසා වන ජෙෆ් බේසස් අභ්‍යවකාශය තරණය කර තිබේ.

ඔහු ලොව ප්‍රකට අන්තර්ජාල අලෙවි සමාගමක් වන ඇමසන්හි නිර්මාතෘවරයාය.

57 හැවිරිදි බේසස් ට අමතරව , ඔහුගේ සොයුරු මාර්ක් බේසස්, අභ්‍යවකාශ ගමන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ 82 හැවිරිදි වොලී ෆන්ක් සහ 18  හැවිරිදි සිසුවෙකු වන ඔලිවර් ඩේමන් ද මේ චාරිකාවට එක්ව සිටියේය.

බේසස්ගේ බ්ලූ ඔරිජින් සමාගම විසින් නිෂ්පාදිත නිව් ෂෙපර්ඩ් යානාව අභ්‍යවකාශගත කෙරුණේ ටෙක්සාස් හි පිහිටි ඔහුට අයත් වැන් හෝන් පරිශ්‍රයේ සිටය.

පෘථිවියෙන් නික්ම කිලෝ මීටර් 76ක් ඉහළට ගමන්කිරීමෙන් පසුව කණ්ඩායම රැගත් කැප්සූලය වෙන්වූ අතර පිරිස රැගත් කැප්සූලය පෘථිවියේ සිට කිලෝමීටර් 106ක් ඉහළ අභ්‍යවකාශය වෙත ගමන් කළේය.

බේසස්ගේ එම ගමනට ගතවූ කාලය විනාඩි 10 තත්පර 10කි.

ලෝකයේ ප්‍රමුඛ බිලියනපතියෙක් වන 77 හැවිරිදි ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් පසුගිය 11වැනිදා පැයක අභ්‍යවකාශ චාරිකාවකට එක්වුණේ අභ්‍යවකාශ තරණ ඉතිහාසය අලුත් කරමිනි.

තම සමාගම සතු “වර්ජින් ගැලැක්ටික් රොකට්” යානයෙන් ඔහු එම ගමනට එක්විණි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »