Search

ඔස්ටේ්‍රලියා භූමිය තුළදී පළමු වරට Advanced මිසයිලයක් අත්හදා බලයි

ඔස්ටේ්‍රලියා භූමිය තුළදී පළමු වරට Advanced මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

MIM-105 Patriot මිසයිල 02 ක් අද පෙරවරුවේ Central Queensland සිට මුදා හැරුණා.

ඒ අමෙරිකාව ඇතුලු රටවල් කිහිපයක් සමග ඔස්ටේ්‍රලියාව සිදුකරන Talisman Sabre යුධ අභ්‍යාසයේදීයි.

පැයට කිලෝමීටර් 5000 ක වේගයකින් ගමන් කල හැකි මෙම මිසයිල අමෙරිකාව විසින් මැද පෙරදිග යුධ මෙහෙයුම් සඳහාද භාවිත කර තිබුණා.

කෙසේවෙතත් Talisman Sabre යුධ අභ්‍යාසය සම්බන්ධයෙන් චීනය නොසතුටින් සිටින අතර ඔවුන් ඔත්තු බැලීම සඳහා ඔස්ටේ්‍රලියාව ආසන්නයට යුධ නෞකා 02 ක්ද එවා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »