VIC/NSW Lockdown ප්‍රදේශයන්හි සුපිරි වෙළඳසල්වල ජාත්‍යන්තර සිසුන්ට සති දෙකකට පැය 40 කට වඩා වැඩ කිරීමට අවසර

කොරෝනා වෛරස තත්වය මත උද්ගත සේවක හිඟය පියවීමේ අරමුණින්, lockdown කොට පවතින ප්‍රදේශයන්හි සුපිරි වෙළඳසල් වල සේවයෙහි නිරත ජාත්‍යන්තර සිසුන් හට සති දෙකකට පැය 40කට වඩා වැඩ කිරීමට අවසර ලබා දෙන ලෙස එම සුපිරි වෙළඳසල් සඳහා ඕස්ට්‍රේලියානු රජය දන්වා තිබේ.

මෙය තාවකාලික පියවරක් වන අතර, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත වල සුපිරි වෙළඳසල් සඳහා මෙම අවසරය ලබාදී තිබේ.

කෙසේ නමුත් සති දෙකකට පැය 40කට වඩා සේවය කරන ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත් ලාභීන් තම පාඨමාලාව අඛණ්ඩව සිදු කලයුතු අතර සතුටුදායක පැමිණීමක් සහ ප්‍රගතියක් වාර්තා කල යුතුය.

මෙම තීරණය ඔස්සේ වෙළඳසල් මගින් ජනතාවට වන සේවාව අඛණ්ඩව සිදුවන අතර lockdown කාලසීමාව තුල සේවකයින් සඳහා අමතර අදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙන බව ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය Alex Hawke පවසයි.

ඉරිදා(18) දින සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳසල් වෙතට ගොස් භාණ්ඩ ගැනීම නවතන අතර Delivery සහ click-and-collect යන සේවාවන් ඔස්සේ පමණක් භාණ්ඩ ගැනීම සිදු කල හැක.

Source : https://jnews.com.au/2021/07/18/during-the-lockdown-the-caps-of-australian-international-students-working-in-supermarkets-were-removed-2/

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »