වික්ටෝරියා එන්නත්කරණ ඔන්ලයින් පද්ධතියේ දෝෂ රැසක් ඇති බවට චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණය සඳහා ඔන්ලයින් ක්‍රමයට වේලාව සහ ස්ථානයේ වෙන් කරවා ගැනීමේ පද්ධතියේ දෝෂ රැසක් ඇති බවට දසතින් චෝදනා එල්ල වී තිබේ.

ඇතැම් මධ්‍යස්ථාන වල එන්නත් නොමැති වීම / නියමිත වේලාවට පෙර වසා දැමීම වැනි ගැටලු රැසකට තමන් මුහුණ පා සිටින බවටයි ජනතාව ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම එන්නත්කරණය සඳහා වේලාවක් වෙන් කරවා ගත් පුද්ගලයන් ඒවා අවලංගු කර ගැනීමට යාමේදීද දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඊයේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ එන්නත් මාත්‍රා මිලියන 10 ක් භාවිතයට ගෙන තිබිණ.

වැඩිහිටි ජනගහණයෙන් සියයට 59 ක් පමණ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන්ය.

 

Pic – getty

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »