ශ්‍රී ලංකාවේ ගෘහස්ථ සංගීත සංදර්ශන සඳහා යළි අවසර / එළිමහන් ප්‍රසංග සඳහා අවසර නෑ

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සීමා කර තිබු ක්ෂේත්‍ර 09 ක සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශාලාවේ අසුන් ධාරිතාවෙන් 50% ක සීමාවන්ට යටත්ව ගෘහස්ථ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර දී තිබෙනවා.

කෙසේ වුවත් එළිමහන් සැණකෙළි සහ එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමි නොවන බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ව ඇත්තේ.

ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ඇති අතර ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙන වෙනම නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම සත්වෝද්‍යාන, වනජීවී උද්‍යාන ආදිය විවෘත කිරීමට නව ලිහිල් කිරීම් යටතේ ඉඩ ලබාදී තිබෙනවා.

සත්වෝද්‍යානවල ධාරිතාවෙන් 25% ක් නරඹන්නන් ඇතුළු කිරීමට නව ලිහිල් කිරීම් යටතේ අවසර හිමිවන අතර වනජීවී උද්‍යාන විවෘත කළ යුතුව ඇත්තේ දැඩි සෞඛ්‍යය විධිවිධාන යටතේයි.

එමෙන්ම භෞතිකව සම්බන්ධ නොවන ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සහ ක්‍රීඩා තරග සඳහා ද නව ලිහිල් කිරීම් යටතේ අවසර ලැබෙනවා.

ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන හා බෝඩින් නිවාස, කඳවුරු බිම් සහ ඔට්ටු ඇල්ලීමේ ස්ථානද නව ලිහිල් කිරීම් යටතේ විවෘත කෙරෙනු ඇති.

 

Pic – Facebook

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »