Lockdown නිසා සිඩ්නි වැසියන්ට සහ ව්‍යාපාරවලට ලැබෙන ආර්ථික සහන නිල වශයෙන් ප්‍රකාශයට

සිඩ්නි lockdown තත්ත්වය තවත් දීර්ග කිරීම නිසා ආදායම් අහිමිවී ඇති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබාදෙන තාවකාලික COVID-19 ආපදා ගෙවීම ඉහළ දැමීමට තීරණය කර තිබේ.

රැකියා කරන ජනතාවට සහ ව්‍යාපාර වලට අමතර ආර්ථික සහන ලබාදෙන බව අග්‍රාමාත්‍ය Scott Morrison අද (13) පස්වරුවේ නිවේදනය කළේය.

සතියකට පැය 20 කට වැඩි කාලයක රැකියාවල නිරත වූවන්ට මේ අනුව ඩොලර් 500 ක් ලෙස පැවති මුදල ඩොලර් 600 දක්වාද / සතියකට පැය 20 කට අඩු කාලයක රැකියාවල නියුතුවූවන්ට ඩොලර් 325 ක් ලෙස පැවති මුදල ඩොලර් 375 දක්වාද ඉහළ නැංවෙනු ඇති.

ඒ අතරේ සිඩ්නි නුවර lockdown තත්ත්වය දීර්ග කිරීම නිසා ආර්ථික අර්බුද වලට මුහුණ පා සිටින ව්‍යාපාර සඳහාද මුදල් ප්‍රදාන ලබා දීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

Woollahra, Waverley, Randwick සහ City of Sydney යන නගර සභා කලාප හතරට මෙම ගෙවීම ජූලි 16 සිට ගෙවනු ලැබේ.

සෙසු සිඩ්නි කලාප සඳහා ජූලි 19 සිට මෙම තාවකාලික COVID-19 ආපදා ගෙවීම් කරනු ඇත.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »