එන්නත්කරණය 03 ගුණයක වේගයකින් පවත්වාගෙන යාමට ඔස්ටේ්‍රලියා රජය සැරසෙයි

PFIZER

ඉතාම නුදුරේදී සතියකට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් බැගින් ඔස්ටේ්‍රලියාවට හිමිවන බව මධ්‍යම රජය කියයි.

ඒ අනුව එන්නත්කරණ වැඩපිළිවෙල 03 ගුණයක වේගයකින් පවත්වාගෙන යාමට හැකිවන බවයි රජය පවසන්නේ.

දැනට රට තුළ භාවිත කරනුයේ සතියකට ෆයිසර් එන්නත් මාත්‍රා 300,000 ත් 350,000 ත් අතර ප්‍රමාණයකි.

අගෝස්තු වනවිට තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 45 ක් ලබාගැනීමට සැලසුම් කර ඇති බව මධ්‍යම රජය කියාසිටියේය.

මේ අතර එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තවත් වෛද්‍යවරුන් 1300 කට අවසර දීමටද රජය සැළසුම් කරමින් සිටී.

ෆයිසර් ආයතනය විසින් ඔස්ටේ්‍රලියාවට ලබාදීමට එකගවී ඇති මුලු මාත්‍රා ප්‍රමාණය මිලියන 40 කි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »