2022 තෙක් ඔස්ටේ‍රලියාවේ පාසල් සිසුන්ට කොවිඩ් එන්නත නොලැබෙන ළකුණු

2022 වසර වන තෙක් ඔස්ටේ‍රලියාවේ පාසල් සිසුන්ට කොවිඩ් එන්නත ලබා දීමට නොහැකි වනු ඇති බවට අනාවැකි පළවනවා.

දැනට මෙරට වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම අයෙකුට ෆයිසර් එන්නතද 18 ට වැඩි ඕනෑම අයෙකුට ඇස්ට්‍රා-සෙනෙකා එන්නතද ලබාදීමට අනුමැතිය හිමිවී ඇත.

එහෙත් පවතින එන්නත් හිගය හමුවේ ළමුන්ට දීමට තරම් එන්නත් නොමැති බවයි නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිළධාරී මහාචාර්ය මයිකල් කිඩ් සඳහන් කලේ.

එමෙන්ම ළමුන් සඳහා පමණක් ඉදිරයේදී වෙනත් එන්නතක් නිපදවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කලා.

කෙසේවෙතත් අවධානම් සහගත වයස් කාණ්ඩ වල සැළකිය යුතු පිරිසක් එන්නත්කරණයට ලක් කිරීමෙන් පසු ඔස්ටේ‍රලියාවේ ළමුන් ටද කොවිඩ් එන්නත දීමට හැකිවනු ඇති බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »