මෙල්බර්න් ඉන්න ලාංකිකයන්ගේ කියුම් කෙරුම් ගැන අලුත්ම වාර්තාව මෙන්න

මෙල්බර්න් හි වාසය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වන තොරතුරු ඇතුළත් නවතම වාර්තාවක් නිකුත් කර තිබේ.

ඊට අනුව ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ලාංකිකයන්ගෙන් සියයට 49 ක්ම පදිංචිය සඳහා තෝරාගෙන ඇත්තේ මෙල්බර්න් නගරයයි.

2011 වසරේ සිට මේ දක්වා වික්ටෝරියා වෙත පැමිණ ඇති ලාංකිකයන් ගණන 11,839 කි.

මෙලෙස පැමිණි ලාංකිකයන්ගෙන් සියයට 58 ක් දරුවන් ද සමග පැමිණි පවුල් වන අතර සියයට 21 ක් දරුවන් නොමැතිව පැමිණි අය වෙති.

මෙල්බර්න් හි සිටින ලාංකිකයන්ගෙන් සියයට 59 කට ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය පවතී.

රැකියා ලෙස ගත්විට

සියයට 25.7 – වෘත්තිකයන්
සියයට 16.6 – පරිපාලන අංශයේ රැකියා
සියයට 13.3 – කම්කරුවන්
සියයට 10.6 – තාක්ෂණික හා වෙළඳ අංශයේ රැකියා
සියයට 9.1 – කළමණාකරුවන්

සේවා අංශ ලෙස සැළකීමේදී මෙල්බර්න් හි සිටින ලාංකිකයන්ගෙන්

සියයට 15 – සෞඛ්‍ය හා සමාජ උපකාර
සියයට 14.3 – වෘත්තිකයන් / තාක්ෂණික හා පරිපාලන
සියයට 14.1 – නිෂ්පාදන අංශයේ
සියයට 12.9 – තොග හා සිල්ලර වෙළඳාම
සියයට 6.5 – නවාතැන් හා ආහාර

මෙල්බර්න් හි ලාංකිකයන් වැඩි වශයෙන්ම පදිංචි වී සිටින ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත්තේ

Hume – Monash – Knox – Greater Dandenong – Casey ප්‍රදේශ යි.

 

Source : https://liveinmelbourne.vic.gov.au/discover/multicultural-communities/sri-lankan

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »