රටට ගෙන්වා ගන්නා ඔස්ටේ‍රලියානුවන් සංඛ්‍යාව අඩු කරන ලෙස වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක අගමැතිවරුන් ඉල්ලයි

සතිපතා රටට ගෙන්වා ගන්නා ඔස්ටේ‍රලියානුවන් සංඛ්‍යාව අඩු කරන ලෙස ප්‍රාන්ත 03 ක අගමැතිවරුන් මධ්‍යම රජයෙන් ඉල්ලීම් කර තිබේ.

වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් හා බටහිර ඔස්ටේ්‍රලියා අගමැතිවරුන් විසිනුයි එම ඉල්ලීම් කර ඇත්තේ.

ඔවුන්ගේ යෝජනාව වන්නේ සතියකට ගෙන්වන ප්‍රමාණය 6000 ප්‍රමාණය තවත් අඩු කල යුතු බවයි.

වික්ටෝරියා අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසුවේ විදේශයන්ගෙන් පැමිණෙන අයගෙන් කොවිඩ් වෛරසය පැතිරීම වේගවත් විය හැකි බැවින් මෙම ඉල්ලීම කරන බවයි.

ඩෙල්ටා වැනි විවිධ ප්‍රභේද සීඝ්‍රයෙන් පැතිරීමත් සමග හෝටල් නිරෝධායනය දරාගත නොහැකි මට්ටමකට පත්විම වළක්වාලීම මෙම ඉල්ලීමේ තවත් අරමුණක් බවයි ඔහු සඳහන් කලේ.

Pic – Getty

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »