NSW හා ACT ප්‍රාන්තවලටත් ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට අවසර

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හා Australian Capital Territory (ACT) ද ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට සූදානම් වන බවට වාර්තා පළවේ.

ඒ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් විශේෂ අනුමැතියක් හිමිවී තිබේ.

මෙම නියමු වැඩසටහන සඳහා අදාළ ජාත්‍යන්තර සිසුන් හට වලංගු ශිෂ්‍ය Visa බලපත්‍ර තිබිය යුතුය.

එමෙන්ම දින 14 ක නිරෝධායන කාලය සම්පූර්ණ කිරීම සඳහා රැඳී සිටිය යුතුය.

මෙම වැඩසටහනේ සියලු වියදම් විශ්වවිද්‍යාල අංශය විසින් කළමනාකරණය කරනු ඇත.

මෙම නියමු වැඩසටහන හරහා NSW සහ ACT විශ්ව විද්‍යාල 14 කට දෙසතියකට වරක් ජාත්‍යන්තර සිසුන් 250 ක් ගෙන්වා ගැනීම සිදු කෙරේ.

මෙම ගුවන් ටිකට් පත් සහ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා තනි සංචාරක නියෝජිතයෙකු (travel agent) ඒකාබද්ධව පත් කරනු ලැබේ.

ඒ අනුව අදාළ සංචාරක නියෝජිතයා වෙත මුදල් ගෙවා තම ගුවන් ටිකට් පත් වෙන් කරවා ගැනීමට හා තම පැමිණීමේ ගමන සංවිධානය කරගැනීමට සිසුන්ට හැකියාව ලැබේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »