ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුල වෙනුවෙන් මාස 03 ක bridging Visa බලපත්‍රයක්

ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුල වෙනුවෙන් මාස 03 ක bridging Visa බලපත්‍රයක් ලබාදී තිබේ.

සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසින් ඔහුට පැවරි ඇති බලතල අනුවයි මෙම අවසරය දී ඇත්තේ.

මේ අනුව දෙමව්පියන් දෙදෙනාට රැකියාවල නිරතවීමට මෙන්ම දරුවන් දෙදෙනාට අධ්‍යාපනය හැදැරීමටද මෙම වීසා බලපත්‍රය යටතේ අවස්ථාව උදාවනවා.

ඔස්ටේ්‍රලියානු නීතියට අනුව මහජන කැමැත්ත පවතීනම් කිසියම් අයෙකුට වීසා බලපත් නිකුත් කිරීමේ ක්‍රියාවලියට මැදිහත්වීමට සංක්‍රමණ අමාත්‍යවරයාට බලතල පවතිනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »