එන්නත් වෙන් කරවා ගත් ඔස්ටේ‍රලියානු ජාතිකයන් ඒවා අවලංගු කිරීම් ඉහළට

එන්නත් ලබා ගැනීම සඳහා පූර්ව වේලාවන් වෙන් කරවා ගත් ඔස්ටේ‍රලියානු ජාතිකයන් ඒවා අවලංගු කිරීම් ඉහළ ගොස් ඇතැයි වෛද්‍යවරුන් වාර්තා කර තිබෙනවා.

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පමණක් දීමට ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීමත් සමග මෙම තත්වය දක්නට ලැබෙන බව සඳහන්.

රුධිර කැටි ගැසීමේ සිදුවීම් හමුවේයි එම තීරණය ගනු ලැබුවේ.

මේ අනුව වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයන්ට ෆයිසර් එන්නත යෝජනා වී ඇති නමුත් ප්‍රමාණවත් තරම් එන්නත් තොග මේ දක්වා ගෙන්වා නොමැතිවීම ඔස්ටේ‍රලියාව මුහුණදී ඇති ප්‍රධාන අභියෝගයයි.

මේ දක්වා ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 03 කට පමණක් එන්නත දී ඇති අතර එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති ප්‍රමාණය සමස්ත ජනගහණයෙන් සියයට 25 ක් පමණ වනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »