වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලිය අහිමි නිවාස 3100 කට හෙට පස්වරුව වනවිට සැපයුම

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට විදුලි බලය අහිමිවී පවතින නිවාස 3100 කට පමණ හෙට එනම් ඉරිදා පස්වරුව වනවිට සැපයුම ලබාදෙන බවට බළධාරීන් පොරොන්දු වී තිබේ.

සති එකහාමාරකට පමණ පෙර පැවති අයහපත් කාළගුණය හමුවේ ගස් කඩා වැටීමෙන් මෙලෙස විදුලි සබඳතා ඇණ හිටියේය.

මින් වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ Dandenong ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකටයි.

කෙසේවෙතත් තවත් නිවාස 1450 කට පමණ සති 03 ක් යනතුරු විදුලි සැපයුම ලබාදිය නොහැකි බවද බළධාරීන් පැවසීය.

මෙලෙස සති 03 ක් පුරා විදුලිය නොමැති නිවෙස්වලට ඩොලර් 1680 බැගින් දීමනාවක්ද ගෙවීමටයි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් සූදානමින් පසුවන්නේ.

මෙම සති අන්තයේද අයහපත් කාළගුණය පවතිනු ඇතැයි අනාවැකි පළවනවා.

 

Pic – AAP

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »