රනිල් වික්‍රමසිංහ ලබන බදාදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලබන බදාදා (23) පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීමට නියමිතයි.

ඊයේ දිනයේදී ඔහුගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.

මැතිවරණ කොමිසන් සභාව විසින් අද (18) පස්වරුවේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාව රැස්වූ අතර ඉන්පසුව රනිල් වික්‍රමසිංහගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ බව සඳහන්.

1977 වසරේ සිට 2020 වසර දක්වා අඛණ්ඩව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ 2020 වසරේ පැවති මැතිවරණයේ දී පරාජයට පත්විය.

කෙසේවෙතත් එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහට ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබුණි.

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »