ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය කොවිඩ් ආරම්භයට පෙර පැවති තත්වයට අඩුවෙයි

ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබේ.

පසුගිය මැයි මාසයේදී එය සියයට 0.4 කින් අඩුවී ඇති අතර මේ වනවිට පවතින්නේ සියයට 5.1 ක් ලෙසයි. ඔ

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව අප්‍රේල් – මැයි මාසවලදී නව රැකියා 115,000 ක් බිහිවී ඇත.

මේ අනුව කොවිඩ් වසංගතය ආරම්භ වු 2020 පෙබරවාරියේදී මෙරට විරැකියා අනුපාතය පැවති අගයන්ට යළිත් පත්වී ඇත.

මෙරට වැඩිම විරැකියා අනුපාතය ලෙස සියයට 7.4 ක් වාර්තා වුයේ පසුගිය 2020 ජූලි මාසයේදීයි.

ඔස්ටේ්‍රලියා ආර්ථිකය යළිත් ශක්තිමත් වෙමින් පවතින බවට එය ඉතා හොඳ නිදසුනක් බවද සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙයි.

පසුගිය මැයි මාසයේදි කාන්තාවන් 69,000 කට සහ පුරුෂයන් 46,000 කට නව රැකියා ලැබී ඇත.

කොවිඩ් තත්වය හමුවේ වැඩිම රැකියා සංඛ්‍යාවක් අහිමිවී තිබුණේද කාන්තාවන්ට බවටයි වාර්තා පළවූයේ.

කොවිඩ් එන්නත නිසා ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හෙළිවෙයි

කොවිඩ් වෛරස් මර්දනය සඳහා ලබාගත් එන්නත් හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 11,000ට අධික පිරිසක් මිය ගොස් ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හෙට එන අයවැයෙන් ලැබෙන තවත් සහනයක්

දරු උපතකදී සේවා ආයතනයෙන් හිමි වන වැටුප් සහිත මාපිය නිවාඩු සහ Medicare සේවාවන් සඳහා හෙට ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයෙන් බිලියන ගණනක අරමුදල් ලැබීමට නියමිත බවට වාර්තා වනවා.

Read More »