පාසල් – කැෆේ – රූපලාවන්‍යාගාර විවෘත කිරීමට අවසර / Gym සඳහා අවසර නෑ – හෙට රෑ සිට මෙල්බර්න් නව සීමා සියල්ල මෙන්න

MELBOURNE

මෙල්බර්න් නාගරික කලාපය සඳහා පණවා තිබූ Lockdown සීමා හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්ත වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ මේ බව නිවේදනය කලේය.

මේ අනුව අත්‍යවශ්‍ය කරුණු 05 කට පමණක් නිවාසවලින් පිටතට යාමට පැවති බාධකය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වනවා.

කෙසේවෙතත් පැවති සීමා කිහිපයක් තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඒවා ලිහිල් කර තිබීම විශේෂත්වයක්.

නිවාස තුළ අමුත්තන් පැමිණීම​ තවදුරටත් තහණම් වන අතර එළිමහනේ එක් විය හැකි වනුයේ උපරිම 10 දෙනෙකුට පමණයි.

සිකුරාදා සිට පාසල් විවෘත කර අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා හැකියි.

සමාජ දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගත හැකි නම් හෙට මධ්‍යම රාත්‍රියේ සිට එළිමහන් ස්ථානවල මුහුණු ආවරණ පැළඳීමද අනිවාර්ය නැහැ. නමුත් සියලුම ගෘහස්ථ ස්ථානයන් හි තවදුරටත් මුව ආවරණ පැළඳීම අනිවාර්‍ය වේ.

මේ අනුව පදිංචි ස්ථානයේ සිට ගමන් කල හැකි දුර ප්‍රමාණය කිලෝමීටර් 25 දක්වා ඉහළ දැමේ.

ආගමික උත්සව සඳහා උපරිම 50 දෙනෙකුට සහභාගී විය හැකියි.

කැෆේ සහ අවන්හල් විවෘත කිරීමට අවසර හිමිවන අතර පරිශ්‍ර ඇතුළත උපරිම 50 දෙනෙකු සහ විවෘත ස්ථානයක් නම් උපරිම 100 දෙනෙකු පමණක් තබා ගත යුතුයි.

කායවර්ධන මධ්‍යස්ථාන – – සමාජ ශාලා සහ නර්තන ශාලා තවදුරටත් වසා තැබිය යුතුයි.

පූර්ණ සෞඛ්‍ය ක්‍රමවේදයන් යටතේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන සහ රූපලාවන්‍ය මධ්‍යස්ථාන විවෘත කල හැකියි.

 

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »