Lockdown හමුවේ රැකියා නොමැති පුද්ගලයන් වෙනුවෙන් $500 ක මුදලක්

කොරෝනා Lockdown තත්වය හමුවේ දින 07 කට වැඩි කාලයක් රැකියා නොමැතිව සිටින පුද්ගලයන් වෙනුවෙන් ඩොලර් 500 ක සහන මුදලක් පිරිනැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ.

වයස අවුරුදු 17 ට වැඩි සෑම ඔස්ටේ‍රලියානු පුරවැසියෙකුම ඊට සුදුසුකම් ලබන බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ.

සතියකට පැය 20 කට වඩා සේවය කරන අය මෙම ඩොලර් 500 දීමනාවට සුදුසුකම් ලබන අතර පැය 20 ට අඩුවෙන් සේවය කරන පුද්ගලයන්ට ඩොලර් 325 ක දීමනාවක් හිමිවනු ඇත.

ලබන සතියේ සිට මෙම දීමනා ගෙවීම ආරම්භ කෙරෙන බවද අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේය.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ බලපෑම් එල්ලවු ව්‍යාපාර ආයතන වෙත මුදල් ආධාර ලබාදීම සඳහා වන අයදුම්පත් භාරගැනීමද අද ආරම්භ විය.

Pic Credit: 7NEWS Digitial

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »