මෙල්බර්න් ආසාධිතයා ගමන් කල ස්ථාන වැරදියට සටහන් වෙලා

දින කිහිපයකට පෙර මෙල්බර්න් නුවරින් හමුවූ කොවිඩ් ආසාධිතයා සහ ඔහුගේ ආශ්‍රිතයන් ගමන් කල ස්ථාන තහවුරු කිරීමේදී අත්වැරදීමක් සිදුව ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේ Epping හි පිහිටි Woolworths වෙළඳ සංකීර්ණයටද ඔහු ගොස් ඇතැයි ප්‍රථමයෙන් ප්‍රකාශ වූ බවයි.

එහෙත් සැබෑ ලෙසම අදාළ ආසාධිතයා ගොස් ඇත්තේ Epping හි පිහිටා ඇති වෙනත් වෙළඳ සංකීර්ණයකටයි.

මෙම තත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මෙම සිදුවීම පදනම් කරගෙන ප්‍රාන්ත රජයට විපක්ෂය විසින් චෝදනා කිරීමද ආරම්භ වී ඇත.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »