Temporary Graduate visa (485) හි වෙනස්කම් ගැන ඔබ දැනුවත්ද ???

තාවකාලික උපාධි වීසා (485) කාණ්ඩය ඔස්සේ ඕස්ට්‍රේලියාවේ සිටි ජාත්‍යන්තර සිසුන් හට ප්‍රාදේශීය ප්‍රදේශයන්හි වසර 4ක් දක්වා සේවා පළපුරුද්ද ලබාගැනීමට සහ ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා මාර්ග සකස් වී තිබේ.

සාමාන්‍ය උපාධිය හෝ ශාස්ත්‍රපති උපාධිය අවසන් කල ජාත්‍යන්තර සිසුන් හට වසර 2ක කාලයක් සඳහා වීසා ලබාගත හැකි අතර අදාල පුද්ගලයා සම්පුර්ණ කරන ලද පාඨමාලාව අනුව මෙම කාලසීමාව වැඩි විය හැකියි.

එමෙන්ම පර්යේෂණ මගින් වූ ශාස්ත්‍රපති උපාධියක් (Master degree by research) සම්පූර්ණ කළහොත් එම ජාත්‍යන්තර සිසුන් සඳහා වසර 3ක කාලයක් දක්වා මෙම වීසා ලබා දීම සිදුවන අතර ආචාර්ය උපාධියක් සම්පුර්ණ කළහොත් එම ජාත්‍යන්තර සිසුන් සඳහා වසර 4ක කාලයක් දක්වා මෙම වීසා ලබා දීම සිදු වන බවද සඳහන් කොට සිටී.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කල වෙනස්කම් වලට අනුව ප්‍රාදේශීය ප්‍රදේශයන්හි සිටින ජාත්‍යන්තර සිසුන් සඳහා, ඔවුන්ගේ සාමාන්‍ය උපාධිය හෝ ශාස්ත්‍රපති උපාධිය මත පදනම්ව තාවකාලික උපාධි වීසා (485) කාණ්ඩය තුල වසර 4ක කාලයක් රැඳී සිටිය හැකි වේ. මෙය ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශීය ප්‍රදේශයන්හි වෙසෙන ජාත්‍යන්තර සිසුන් සඳහා කෙරෙන දිරිගැන්වීමක් ලෙස සැලකේ.

මෙම වෙනස්කම් ඔස්සේ Post-Study Work stream හරහා දෙවන වීසා බලපත්‍රයක්ද නිකුත් කෙරේ. ඒ සඳහා සුදුසුකම් ලැබීමට, අයදුම්කරු ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය අධ්‍යාපන ආයතනයකින් සිය අධ්‍යාපනය සම්පුර්ණ කිරීම සහ දෙවන වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමේදී ප්‍රාදේශීය ප්‍රදේශයක වාසය කිරීම අනිවාර්ය වේ.

(SBS)

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »