අගමැති මොරිසන්ගේ ගෑස් ප්‍රතිපත්තියට එරෙහිව ලාංකික සිසුන් ඔස්ටේ්‍රලියාවේ විරෝධතාවල

ගෑස් කර්මාන්තය සඳහා තවත් ප්‍රතිපාදන වෙන් කිරීමට එරෙහිව පාසල් සිසුන් මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර කිහිපයක විරෝධතාවල නිරත වනවා.

ඒ මීට වසරකට පෙර පැවති දේශගුණ විපර්යාසවලට එරෙහි විරෝධතාවල පළමු සැමරුමට සමගාමීවයි.

දේශගුණය රැකගැනීම වෙනුවෙන් අගමැති ස්කොට් මොරිසන්ගේ රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවයි සිසුන්ගේ චෝදනාව වන්නේ.

මෙවර ෆෙඩරල් අයවැයෙන් ගෑස් කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 58 ක් වෙන් කර තිබුණා.

එමෙන්ම හි නව ගෑස් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදි කිරීම වෙනුවෙන් ජනතා බදු මුදල් ඩොලර් මිලියන 600 ක් වෙන් කිරීම රජයේ තවත් සැළසුමක්.

මෙම විරෝධතාවලට ලාංකික සිසුන්ද එක්ව සිටිනවා.

ශිෂ්‍ය නතාෂා අබේවික්‍රම පැවසුවේ “සෙසු ඕස්ට්‍රේලියානුවන් දස දහස් ගණනක් සමඟ මම පාසැලේ සිට විරෝධතා කරමින් සිටිමි.

“මොරිසන් අපගේ සාමූහික අනාගතය ගැන සැලකිලිමත් වන්නේ නම්, ඔහු එය සිදු කරනු ඇත.” ලෙසයි.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »