චීන රොකට්ටුව කඩා වැටෙන්නේ ඔස්ටේ්‍රලියාව ආසන්නයටද ???

චීනය විසින් උඩුගුවනට යවන ලද රොකට්ටුවක් ඉදිරි පැය කිහිපය තුළදී පෘථිවියට කඩා වැටීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.

ලෝන්ග් මාර්ච් 5 බී නම් මෙම රොකට්ටුව පසුගිය මාසයේදී අභ්‍යවකාශගත කෙරුණේ චීන නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු කොටස රැගෙන යාම සඳහායි.

ටොන් 18 ක් බරැති එය දශක ගණනාවකට පසු පෘථිවි කක්ෂයට ඇතුලුවී කඩා වැටීමකට ලක්වන විශාලතම අභ්‍යවකාශ වස්තු කොටස් අතුරින් එකක් වනවා.

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කලේ කිසිවෙකුටත් හානියක් නොවන අයුරින් මෙම රොකට්ටුව කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් කුමන ප්‍රදේශයකට එය කඩා වැටෙන්නේදැයි මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

බොහෝ දුරට ඔස්ටේ‍රලියාව – නවසීලන්තය හෝ දකුණු අමෙරිකාව ආසන්න පැසිෆික් සාගර කලාපයට මෙම රොකට්ටුව පතිත වනු ඇති බවටයි නිල නොවන ගණනය කිරීම් අනුව අනාවැකි පළවන්නේ.

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »