ඔස්ටේ‍රලියානු දරුවන් 173 දෙනෙකු දෙමව්පියන් නොමැතිව ඉන්දියාවේ හිරවෙයි

ඉන්දියාවෙන් ගුවන් යානා පැමිණීමට පණවා ඇති බාධා හේතුවෙන් ඔස්ටේ‍රලියානු ජාතික දරුවන් 173 දෙනෙකු දෙමව්පියන් නොමැතිව එරට තුළ සිරවී සිටින බව අනාවරණ වී තිබේ.

විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කල වාර්තාවකයි එය දැක්වෙන්නේ.

මෙම දරුවන්ගෙන් බහුතරයක් ඉන්දියාවේ සිටින සිය ඥාතීන් බැලීම සඳහා ගොස් කොවිඩ් තත්වය හමුවේ එරටින් පැමිණීමට නොහැකිව සිටින අය බව සඳහන්.

දැනට ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති පිරිස් අතරට මෙම දරුවන් ද ඇතුළත් කර දෙන ලෙසට දෙමව්පියන් දිගින් දිගටම අගමැති මොරිසන්ගේ රජයෙන් ඉල්ලා තිබේ.

එහෙත් රජයෙන් මෙතෙක් සුභවාදී පිළිතුරක් ලැබී නොමැති බවටයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »