විදෙස්ගත රැකියාවක නිරත ලාංකිකයෙකුට රුපියල් කෝටි 64 ක ලොතරැයි දිණුමක්

ඩුබායි හි පෞද්ගලික සමාගමක විකුණුම් වෘත්තිකයෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන 36 හැවිරිදි මොහොමඩ් මිෂ්ෆක් Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව Gulf News පුවත් සේවය වාර්තා කර සිටී.

ඊයේ (03) දිනයේ දී මෙම දිනුම් ඇදීම සිදුකර ඇත. මෙය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රු. මිලියන 643 ක් හෙවත් රු. කෝටි 64 ක් පමණ වේ.

මේ වන විට නිවාඩුවක් සඳහා මිෂ්ෆක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ගල්ෆ් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙය තමන්ට අදහා ගත නොහැකි ලෙසයි.

මෙම ජයග්‍රාහී ටිකට්පත සඳහා 20 දෙනෙකු දායකත්වය ලබා දුන් බවත් ඒ අනුව තමන්ගේ පංගුව ඩිරාම් 600,000 ක් වන බවත් ඔහු මෙහිදී කියා ඇත.

තම පියා හට ශල්‍යකර්මයක් සිදුකළ යුතුව ඇති බැවින් මෙම මුදල් මේ අවස්ථාවේ දී ඉතා වටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

මොහොමඩ් මිෂ්ෆක් ගේ මාසික වැටුප ඩිරාම් 7,000 ක් පමණ වන අතර පසුගිය වසර 10 ක කාලයක් පුරාවට ඔහු ඩුබායි හි සේවය කර ඇත. සිය මිතුරන් 20 දෙනා සමඟින් පසුගිය වසර 1 1/2 ක පමණ කාලයක සිට Big Ticket ලොතරැයි මිල දී ගැනීමට ඔහු පුරුදු වී තිබේ.

දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ගැටලු විසඳීමට සහ ශ්‍රී ලංකාවේ තම බිරිඳට සහ දරුවන් දෙදෙනාට නිවසක් ඉදිකිරීමට යොදවන බව ඔහු පැවසීය.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »