හෙට සිට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ගුවන් මගීන් ගණන සීමා කෙරේ

හෙට අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සීමා කොට ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ.

මෙම සීමා කිරිම හෙට සිට දින 14 ක කාලයක් සඳහා වලංගු වන බව පැවසූ සභාපතිවරයා රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ඉන් පසුව ගන්නා බවද සඳහන් කර සිටියා.

මිට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යනාවකට උපරිම වශයෙන් ලාංකික පුරවැසියන් 75ක් සහ ඊට අමතරව විදේශීය සංචාරකයින් රැගෙන ඒමට අවසර ලබාදී තිබු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ.

නව සීමා කිරීම් වලට යටත්ව හෙට අලුයම සිට ශ්‍රී ලංකාවට පැමිණිය හැක්කේ එක් ගුවන් යානයකින් ලාංකික පුරවැසියන් සහ විදේශීය සංචාරකයින් 75 දෙනෙකුට පමණයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »