සමාජ මාධ්‍ය කැළඹූ Waratah Bay Surf වෙරළට ගොඩ ගසා තිබූ වස්තුවේ අභිරහස විසඳෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ Waratah Bay Surf වෙරළ තීරයට ගොඩ ගසා තිබූ කිසියම් අද්භූත වස්තුවක් සම්බන්ධයෙන් අද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කථාබහට ලක්වී තිබුණා.

එය කුමන රටකට අයත් එකක් දැයි බොහෝ පිරිසක් විමසා තිබුණා.

කෙසේවෙතත් එම අභිරහස මේ වනවිට විසඳී අවසන්.

එය අමෙරිකාවට අයත් සාගර නිරීක්ෂණ ඩ්‍රෝනයක් බවයි තහවුරු කරගෙන ඇත්තේ.

2019 වසරේදී නවසීලන්තයේ දකුණු දිවයිනේ සිට ඇන්ටාක්ටික් මහද්වීපය දක්වා ගමන් කරවීම එහි සැළසුම වී තිබූ බවද සඳහන්.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »