Jetstar ගුවන් ගාස්තු සඳහා වට්ටම් / සිඩ්නි – මෙල්බර්න් ඩොලර් 33 යි

ට්‍රාන්ස් ටස්මන් සංචාරක බුබුළ විවෘත කිරීමත් සමග ජෙට් ස්ටාර් ගුවන් සේවය අද දිනය තුළදී විශාල වශයෙන් ගුවන් ගමන් ගාස්තු සඳහා වට්ටම් ලබා දී ඇත.

ප්‍රවේශපත්‍ර 250,000 ක් සඳහා මෙම අවස්ථාව උදා කරගත හැකි බව සඳහන්.

මේ අනුව සිඩ්නි – මෙල්බර්න් ගුවන් ගමනක් ඩොලර් 33 ක සිට ආරම්භ වන අතර ගෝල්ඩ් කෝස්ට් – ක්‍රයිස්චර්ච් ගුවන් ගමනක් සඳහා ඩොලර් 185 ක් වැනි අඩු අගයක් අය කෙරේ.

ජෙට්ස්ටාර් හි ප්‍රධාන පාරිභෝගික නිලධාරි ඇලන් මැකින්ටයර් පැවසුවේ “ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය ස්ථාන සමහරක් අපගේ දොරකඩටම ගෙන ඒමට ලැබීම අතිශයින්ම වාසනාවන්තයි” යනුවෙනි.

මෙම ප්‍රවේශපත්‍ර අලෙවිය අද පෙරවරු 9 සිට (AEDT) අප්‍රේල් 26 සඳුදා රාත්‍රී 11.59 දක්වා (AEDT) ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »