ඔස්ටේ්‍රලියාවේ Master Chef තරගාවලියට ලංකාවේ මිනෝලි

ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රිය මාස්ටර් චෙෆ් (MasterChef ) තරගාවලිය සඳහා මෙවරද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක ඇතුළත් වී සිටිනවා.

ඇය මෙල්බර්න් හි වාසය කරන මිනෝලි සිල්වා.

සංචාරක සහ සංස්කෘතික කටයුතු වෙනුවෙන් තමන් වැඩි නැඹුරුවක් දක්වන බවයි ඇය පැවසුවේ.

වෘත්තියෙන් මිනෝලි design engineering manager වරියක ලෙස සේවය කරනවා.

තායිලන්තයේ මෙන්ම ඩාර්වින් නගරයේද ගුරුවරියක ලෙස සේවය කර ඇති මිනෝලි ලොව පුරා ආහාර රටා ගැන දක්වන්නේ ඉමහත් උනන්දුවක්.

පසුගිය වසරේ පැවති Junior MasterChef Australia’, තරගය ජයග්‍රහණය කල 11 හැවිරිදි ජෝර්ජියා ද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක වුණා.

මිනෝලි ද සිල්වා ට තරගයට සහභාගීත්වය හිමිවු අයුරු පහතින් නරඹන්න.

https://fb.watch/4_oc9Vshw8/

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »