විදෙස්ගත පුද්ගලයන් ගෙන්වීම සීමා කිරීම ගැන සෞඛ්‍ය – විදේශ අමාත්‍යංශවලින් පරස්පර කථා

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT
විදෙස් ගත පුද්ගලයන් ගෙන්වීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.
විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සීමා කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ සදහන් කළා.
වසංගත රෝග අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සදහන් කළේ විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් අතරින් කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් එලෙස සීමා පැනවීමට සිදුවන බවයි.

ඒ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේ එලෙස විදෙස් රටවලින් ගෙන්වන පුද්ගලයන්ට ලබාදෙන නිරෝධායන පහසුකම් වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ උපදෙස් ලබාදුන් බවයි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් කොරෝනා රෝගීන් 52,710 දෙනෙකු වාර්තා වුණා.

ඉන් 1,593 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී හදුනාගත් රෝගීන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »