මුරලි යළි විශිෂ්ටයින් අතරට

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ලෝ ප්‍රකට එංගන්තයේ විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් එක් එක් දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයින් නම්කර තිබේ.

එහිදී 2000 වසරින් පසු ඇරඹී දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම්කර තිබීම විශේෂත්වයකි.

ලෝක එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් එංගන්තයේ විස්ඩන් ක්‍රිකට් සගරාව විසින් 1971 වසරේ සිට 2021 වසර දක්වා වු එක් එක් දශකයේ විශිෂ්ඨතම එක්දින ක්‍රීඩකයින් නම්කර තිබේ.

එහිදී 70 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් නම්කර ඇති අතර 80 දශකයේ එක්දින ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ හිටපු ඉන්දීය නායකයෙකු සහ ඉන්දියාවට පළමු එක්දින ලෝක කුසලානය දිනා දුන් කපිල් දේව්.

ඉන්දීය හිටපු නායක සචින් ටෙන්ඩුල්කාර් 90 දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම්කර තිබේ.

ඉන්දීය නායක විරාට් කෝලි 2010 වසරින් ආරම්භ කළ දශකයේ එක්දින ක්‍රීඩකයා ලෙස නම්කර තිබේ.

මේ අතර විස්ඩන් සඟරාව විසින් ලොව ප්‍රමුඛ පෙලේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස දෙවන වරටත් එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් නම්කර ඇති අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර ඇත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙත් මුනී.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »