ශ්‍රී ලංකාවේ කොස්වලින් සිංගප්පූරු සමාගමක් Pork හදයි

මස් වෙනුවෙන් වූ විකල්පයන් වෙත අද වන විට ලොව පුරා නැඹුරුවක් දැකිය හැකිවේ.

Dan Riegler මොවුන්ගෙන් එක් අයෙකි. Karana හි සම නිර්මාතෘවරයායි.

Karana යනු මුළුමනින්ම ශාක ආහාර මත පදනම් කර ගත් මස් වෙළෙඳ නාමයකි. එය සිංගප්පූරු start-up එකකි.

Dan Riegler පවසන්නේ ඌරු මස් යනු කලාපයේ වැඩි වශයෙන් පරිභෝජනය කරන මාංශ වර්ගය වන බවත් ඒ සඳහා අවශ්‍යතාවය සපුරාලන ආදේශක මෙතෙක් දැකීමට නොමැති බවත්ය.

ලෝක ඌරු මස් නිෂ්පාදනයෙන් හා පරිභෝජනයෙන් අඩක්ම ආසියාව තුළ සිදුවන අතර වැඩිම ඉල්ලුම ඇත්තේ චීනයෙනි.

මෙහිදී Riegler සහ ඔහුගේ සම-නිර්මාතෘ Blair Crichton මීට පෙර ශාක පදනම් කරගත් මස් සඳහා විකල්ප නිෂ්පාදනය කිරීමට පෙළඹුණි.

එහි ප්‍රතිඵලයක් ලෙසින් මෙම දෙපළ විසින් ඌරු මස් සඳහා ආදේශකයක් සොයා ගැනීමට සමත් වෙයි.

එය ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා කොස්වලින් සාදනු ලබන්නකි.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »