Aishwarya Aswath මියගියේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ලෙන් ???

උණ තත්වයක් හේතුවෙන් රෝහලකට රැගෙන ආ 07 හැවිරිදි දැරියක (Aishwarya Aswath) සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නොසැළකිලිමත්භාවය හේතුවෙන් මියයාම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කථාබහක් මතුවී තිබෙනවා.

පර්ත් හි ළමා රෝහලට මෙම දැරිය පසුගිය සෙනසුරාදා රාත්‍රියේ රැගෙනවිත් තිබුණා.

එහෙත් ඇය පැය බ02 කට අධික කාලයක් හදිසි රෝගී අංශයේ රඳවාගෙන සිට ඇති අතර පුලුල් ප්‍රතිකාර සඳහා කල දෙම්ව්පියන් විසින් කරන ලද ඉල්ලීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් නොසළකා හැර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

එම අවස්ථාවේ හදිසි රෝගී අංශයේ සිටි වඩාත්ම අසාධ්‍ය දැරිය මැය බවත් ඇයට පළමුවෙන් ප්‍රතිකාර හිමිවිය යුතුව තිබූ බවත් එහි සිටි වෙනත් මව්වරුන් පිරිසක්ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

පර්ත් ළමා රෝහලේ මෙලෙස වගකීම් පැහැර හැරි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති දැයි මෙතෙක් තහවුරු වී නැහැ.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »