ගෑස් කාන්දුවක් නිසා සිඩ්නි ඔපෙරා ශාලාව අසල ජනතාව ඉවත් කරයි

ගෑස් කාන්දුවක් හේතුවෙන් සිඩ්නි ඔපෙරා ශාලාව අවටින් පුද්ගලයන් ඉවත් කර තිබෙනවා.

අද පස්වරු 03 ට පමණ එම ස්ථානයට ගිනි නිවීම් කණ්ඩායම් කැඳවීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙමගින් ඔපෙරා ශාලාවට කිසිදු බලපෑමක් නොමැති බවද ඉතා කුඩා ස්ථානයක ගෑස් කාන්දුව සිදුවී ඇති බවද සඳහන්.

පාස්කු නිවාඩුවත් සමග මේ දිනවල සිඩ්නි ඔපෙරා ශාලාව අසල විශාල පිරිසක් නිරතුරුව සිටිනු දක්නට හැකියි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »