VIDEO : ලොරි රියදුරෙකුගේ ඇගට පනින ලංකාවේ පොලිස් රාළහාමි

පොලිස් නිළධාරියෙකු විසින් පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

මහරගම පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු ලොරි රියදුරෙකුට අමානුෂික අන්දමින් පහරදෙන ආකාරයකුයි මීට අදාළව සමාජ මාධ්‍යයේ හුවමාරු වන දර්ශනවල දැක්වෙන්නේ.

අදාළ රියදුරාගේ ලොරියේ ගැටීමෙන් මහරගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා තිබෙනවා.

එය පදනම් කරගනිමින් කොස්තාපල්වරයා රියදුරාට පහරදෙන නමුත් මෙවැනි ක්‍රියා අනුමත කල නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »