ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය සමාව අයදි

මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් තමන් සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදින බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

පාර්ලිමේන්තු මන්දිරය තුල කාන්තාවන්ට සිදු වන අසාධාරණය පිළිබඳව මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය මොරිසන් කියා සිටියේ මාධ්‍ය ආයතනයක් තුලද කාන්තාවකට හිරි හැර සිදුව ඇති බවට පැමිණිලි පවතින බවයි.

නමුත් එලෙස පැමිණිල්ලක් ලැබී නොමැති බවට අදාළ මාධ්‍ය ආයතනය තහවුරු කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමාව ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »