ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් යෝජනාව සම්මතයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්මත වෙයි.

එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළේය.

තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

යෝජනාවට විරුද්ධව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළ රටවල් වන්නේ බංග්ලාදේශය / බොලිවියාව / චිනය / කියුබාව / එරිත්‍රියාව / පකිස්ථානය / පිලිපීනය / රුසියාව / සෝමාලියාව / උස්බකිස්ථානය සහ වෙනිසියුලාවයි.

ඉන්දියාව / ජපානය / බහරේනය / නේපාලය ඉන්දුනීසියාව / ලිබියාව ඇතුලු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

මහා බ්‍රිතාන්‍යය / දකුණු කොරියාව / ඕස්ට්‍රියාව / බ්‍රසීලය / ඉතාලිය / ජර්මනිය / යුක්රේනය ඇතුලු රටවල් 22 ක් යෝජනාවට පක්ෂවයි ඡන්දය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »