ගංවතුර හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 18,000 ක් අවතැන්

ගංවතුර හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 18,000ක් පමණ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.

විශේෂයෙන්ම එහි නැගෙනහිර වෙරළබඩ කලාපයට දැඩි බලපෑම් ඇතිව තිබෙන බව වාර්තා වේ.

දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් සිඩ්නි හි ගංගා සහ වේලි පිටාරගලමින් පවතී.

එම ප්‍රාන්තයේ මෙවැනි ගංවතුර තර්ජනයක් වාර්තා වී ඇත්තේ වසර 50කින් පමණ පසුව ය.

උන්හිටි තැන් අහිමි වූ පිරිස් සඳහා මූල්‍යාධාර පිරිනමන බව අගමැති ස්කොට් මොරිසන් සඳහන් කරයි.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »