ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ක්‍රීඩිකාවක් නව වාර්තාවක් තියයි

තලෙයිමන්නාරම සිට දකුණු ඉන්දීයාවේ දනුෂ්කොඩි දක්වා පෝක් සමූද්‍ර සන්ධිය හරහා පැය 13 ක කාලයකින් පිහිනා ගොස් වාර්තාවක් තැබීමට ශ්‍යාමලා ගෝලී නමැති ඉන්දීය ක්‍රීඩිකාවක් සමත්වි තිබෙනවා.

ඇය ඉකුත් 19 වැනිදා අලුයම 4.10 සිට 19 වැනිදා සවස 5යි 50 ක කාලය තුළ පැය 13 යි විනාඩි 40 ක කාලයක් අඛණ්ඩව පිහිනා ගොස් තිබුණා.

ඉන්දීය පිහිනුම් වාර්තා රැසකටද උරුමකම් කියන ශ්‍යාමලා ගෝලී තෙලගනා ප්‍රදේශය නියෝජනය කරනවා.

48 හැවිරිදි ඇය පවසා ඇත්තේ කාන්තා ශක්තිය හා කාන්තා හැකියාව විදහා දැක්වීම වෙනුවෙන් තමන් පෝක් සමූද්‍ර සන්ධිය හරහා පිහිනීමට තීරණය කළ බවයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය ටිව්ටර් ගිණුම සටහනක් තබමින් ශ්‍යාමලා ගෝලීගේ මෙම දක්ෂතාවය වෙනුවෙන් සුභ පැතුම් එක්කර තිබුණා.

1954 වසරේ යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි නවරත්නම්, 1966 වසරේ ඉන්දියාවේ කල්කටාවේ පදිංචි මිගිර්සෙන් සහ 1971 වසරේදී යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි කුමාර් ආනන්දන්ද පෝක් සමූද්‍ර සන්ධිය තරණය කර තිබුණා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »