හොර ලේඛණ මගින් වසර 24 ක් ඉගැන්වීම් කල මෙල්බර්න් පදිංචිකරු හිරේ

ව්‍යාජ සුදුසුකම් යොදාගනිමින් වසර 24 ක් පුරා කටයුතු කල විදුහල්පතිවරයෙකුට මෙල්බර්න් හි අධිකරණයක් සිර දඩුවම් නියම කර තිබෙනවා.

නීල් ලෙනී නම් මෙම තැනැත්තා විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමෙන් පසු සිය පියාගේ ගුරු ලියාපදිංචි ලේඛණ යොදාගනිමින් 1976 වසරේ සිට 2000 වසර දක්වා මෙලෙස වංචනික කටයුත්තක නිරතවී ඇති බව සඳහන්.

මෙම තැනැත්තා Victoria’s Mount Scopus Memorial College, Haileybury College & Overnewton Anglican Community College යන පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකර තිබෙනවා.

ඔහු විසින් මෙම කාලසීමාව පුරා වංචනිකව ලබාගෙන ඇතැයි සැළකෙන මුදල ඔස්ටේ්‍රලියානු ඩොලර් 843,567 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 12 කට අධිකයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »