ඉතාලිය ඔස්ටේ්‍රලියාවට කලදේ අනෙක් රටවලටත් වෙන්න යන ළකුණු

යුරෝපා සංගමයට අයත් රටවලට ප්‍රමාණවත් පරිදි එන්නත් නොලැබෙන්නේ නම් අනෙකුත් රටවලට එන්නත් අපනයනය සීමා කිරීමට සිදුවනු ඇති බවට යුරෝපා කොමිසම අනතුරු අගවනවා.

යුරෝපා රටවලට වඩා ඉහල එන්නත්කරණ ප්‍රතිශතයක් ඇති රටවල් පිළිබඳ ඒ අනුව දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට සිදුවිය හැකි බවටයි ඔවුන් දැනුම් දී ඇත්තේ.

මෙම මාසය මුළදී ඔස්ටේ්‍රලියාවට යැවීමට සූදානම් කර තිබූ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා දෙ ලක්ෂ 50 දහසක් පමණ අවහිර කිරීමට ඉතාලිය පියවර ගත්තේද මෙම කරුණ පාදක කරගනිමිනුයි.

යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ නැවත වරක් කොවිඩ් වසංගතය හිස ඔසවමින් සිටින අවස්ථාවක සිය සාමාජික රටවලට ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබෙන පසුබිමක වෙනත් රටවලට ඒවා ලබාදීම ගැටලු සහගත බවයි.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »