බ්‍රසීලයේ නව කොවිඩ් ප්‍රභේදය න්‍යෂ්ටික බෝම්බ පිපිරීමකට සමාන වනු ඇතැයි අනතුරු ඇඟවීම්!

බ්‍රසීලයේ P1 යනුවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වේ. මෙම කොවිඩ් වෛරස ප්‍රභේදය පාලනය කිරිමට ඉක්මන් පියවර නොගත හොත් එය ඉදිරියේදී න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමක් හා සමාන වනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

වෛද්‍ය Roberto Kraenkel පවසන්නේ බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් මෙම තත්ත්වය පාලනය නොකළහොත් එය කොවිඩ් වෛරසයට එරෙහිව සිදුකරනු ලබන ගෝලීය සටනේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි.

මේ වන විටත් මෙමඑම නව වෛරස් ප්‍රභේදය ලොව පුරා රටවල් 15කින් වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වෛරසය මිට පෙර ආසාදනය වූ පුද්ගලයින්ට වුවද ඔවුන්ගේ සිරුරේ ඇතිවන ප්‍රතිශක්තිය මඟහරවමින් යළි ආසාදිතයින් බවට පත් කිරීමේ හැකියාව පවතින බව විද්‍යාඥයින් සඳහන් කරනවා.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »