ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට කෝටා ක්‍රමයක් හඳුන්වා දේ.

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත ශ්‍රී ලංකාවට​ වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයනකරුවන් එකඟතාවකට පැමිණ ඇත. මෝටර් රථ ආනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්, ආනයන අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයන්, පාවිච්චි කළ වාහන ආනයනකරුවන් සහ අලුත් වාහන ආනයන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගි වී ඇත.

ඒ අනුව සීමාවකින් තොරව විදේශ විනිමය රටින් පිටතට ගලායෑම පාලනය කරමින් වසරකට ශ්‍රී ලංකාවට වාහන ආනයනය කළ හැකි ඩොලර් (විදේශ විනිමය) සීමාවක් පනවනු ඇති අතර එම වාර්ෂික ඩොලර් ප්‍රමාණය කෝටාවක් ලෙස ලියාපදිංචි සහ නව වාහන ආනයනකරුවන් අතර බෙදාදෙනු ලැබේ.

ඒ අනුව ආනයනකරුවන්ට වාහන ආනයනය කිරීමේ අවකාශය ලැබෙනුයේ සිය කෝටාවේ සඳහන් විදේශ විනිමය ප්‍රමාණය දක්වා පමණි. දැනට අධික ලෙස ඉහළ​ ගොස් ඇති ශ්‍රී ලංකා දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් කඩිනමින් පහත දමා ගැනුම්කරුවන්ට සහනයක් ලබාදීම මෙම එකඟතාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »