ඕස්ට්‍රේලියාවේ වෙසෙන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්‍ෂාන් ගේ දියණියගෙන් ක්‍රිකට් වාර්තාවක්!

ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ශ්‍රී ලාංකික දියණියක් පත්ව තිබෙනවා.

ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ Beaconhills විද්‍යාලයේ සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා.

ලිමන්සා තිලකරත්න නම් වන ඇය 6 වසරේ ඉගෙනුම ලබන දැරිවියක් වනවා.

මෙල්බන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සහභාගි වූ පළමු තරගයේ (Kookaburra Women’s Premier Thirds) පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඇය සමත්ව තිබෙනවා.

ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වූ තිලකරත්න ඩිල්ෂාන් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ මංජුලා තිලිණිගේ දියණියයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »