ඕස්ට්‍රේලියානු නිවාස මිල තියුණු ලෙස ඉහළ යයි!

ඕස්ට්‍රේලියානු නිවාස මිල ගණන් 2003 අගෝස්තු මාසයේ සිට විශාලතම​ මාසික වැඩිවීම වාර්තා කර ඇති අතර, CoreLogic හි විශ්ලේෂකයින් පවසන්නේ නිවාස වෙළඳපල ශක්තිමත්ම වර්ධන අවධියක පසුවන බවයි.

මෙම අධ්‍යයනයට අනුව​, මාසික ඕස්ට්‍රේලියානු නිවාස වටිනාකම් දර්ශකය පසුගිය මාසයේ මිල ගණන් හා සැසඳීමේදී සියයට 2.1 කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

රට පුරා සෑම අගනගරයකම නිවාස මිල ඉහළ යාමක් පෙන්නුම් කරන අතර කලාපීය නිවාස මිලද​  ඉහළ යමින් පවතින​ බව සඳහන්.

ඕස්ට්‍රේලියාව පුරා ඇති සියලුම අගනගරවල නිවාස මිල ඉහළ යාම  සියයට 2 ක් වූ අතර සිඩ්නි සහ හොබාර්ට්හි නගරයන්හි සියයට 2.5ක​ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර කලාපීය නිවාස මිල ගණන් සාමාන්‍යයෙන් සියයට 2.1 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

CoreLogic හි ඕස්ට්‍රේලියානු පර්යේෂණ අංශයේ ප්‍රධානී එලිසා ඕවන් පැවසුවේ ඉතා සුළු ප්‍රමාණයක් තම නිවෙස් විකිණීමට සැරසෙන අතරේ බොහෝ පිරිස් නිවෙස් මිලදී ගැනීමට සැදී පැහැදී සිටින බවයි.  මෙය සැබවින්ම වාර්තාගත අඩු උකස් අනුපාතයන්ගේ බලපෑම බවයි ඇය සඳහන් කරන්නේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »