ඕස්ට්‍රේලියාව පුරා ඇති ANZ බැංකු ශාඛා කිහිපයක් වසා දමන බවට වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ ANZ බැංකුව​ විසින් නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්තයේ තම ශාඛා 19 ක් වසා දැමීමට තීරණය කර ඇති අතර බැංකු සේවකයින් 100 කට වැඩි පිරිසකට රැකියා අහිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව වෘත්තීය සමිතියක් පවසයි.

එම ශාඛා වසා දැමීමට ප්‍රධාන හේතුව වන්නේ ANZ පාරිභෝගිකයින් අන්තර්ජාලය හරහා තම ගණුදෙනු සිදු කිරීමට පෙළඹී ඇති බැවිනි. මේ අනුව, ANZ විසින් තම කාර්ය මණ්ඩල සංඛ්‍යාව අඩු කිරීමට, වැටුප් හා කුලී සඳහා මුදල් ඉතිරි කිරීමට සහ ලාභ වැඩි කිරීමට මෙලෙස මෙම ශාඛාවන් වසා දැමීමට තීරණය කර ඇති බවට වෘත්තීය සමිතීන් අදහස් දක්වයි.

පහතින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වසා දැමෙන ශාඛා ලැයිස්තුව දැක්වේ.

  • Ashfield
  • Maroubra Junction
  • Erina Fair
  • East Maitland
  • Crows Nest
  • St Leonards
  • Engadine
  • Kiama
  • Chifley Square
  • Potts Point
  • Springwood
  • Campbelltown

පහතින් දැක්වෙන්නේ වික්ටෝරියානු ප්‍රාන්තයේ වසා දැමෙන ශාඛාවන්‍ ය​.

  • Torquay
  • Reservoir
  • Collingwood
  • Hampton
  • Port Melbourne
  • Sandy Bay

(7News)

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »